PayPal අරමුදල් ලැබීම සහ ස්වයංක්‍රීය මාරු කිරීම ගිවිසුම
>> සියලුම නෛතික ගිවිසුම් පෙන්වන්න
PayPal අරමුදල් ලැබීම සහ ස්වයංක්‍රීය මාරු කිරීම ගිවිසුම
අවසන් යාවත් කිරීම: 2014 ඔක්තෝබර් 8
මෙම ප්‍රතිපත්තිය පහත රටවල සිටින පරිශීලකයින්ට අදාළ වේ: ඇල්බේනියාව, ඇල්ජීරියාව, ඇන්ටිගුවා සහ බාර්බියුඩා, බාබඩෝස්, බෙලීස්, බොස්නියාව සහ හර්සිගොවීනාව, ඩොමිනිකා, ඊජිප්තුව, ෆීජි, ප්‍රංශ පොලිනීසියාව, ග්‍රෙනඩාව, ලෙසොතෝව, මලාවි, නව කැලිඩෝනියාව, පලාවු, ශාන්ත කිට්ස් සහ නෙවිස්, ශාන්ත ලුසියා, සීෂෙල්ස් දූපත්, ට්‍රිනිඩැඩ් සහ ටොබාගේ, ටර්ක්ස් සහ කයිකොස්.
මෙම PayPal අරමුදල් ලැබීමේ සහ ස්වයංක්‍රීය මාරු කිරීමේ ගිවිසුම ("ගිවිසුම") ඔබ සහ PayPal අතර ඇතිවන එකඟතාවකි. මෙම ගිවිසුම, පරිශීලක ගිවිසුම සහ වෙනත් අදාළ ගිවිසුම්වලට අමතර වශයෙන් ඔබ හට අදාළ වේ. කැපිටල් අකුරින් දක්වා ඇති සියලුම යෙදුම්වල අර්ථ නිරූපණයන් මෙම ගිවිසුමේ දක්වා ඇති අතර යම් අර්ථ නිරූපණයක් මෙම ගිවිසුම තුළ දක්වා නොමැති නම්, පරිශීලක ගිවිසුමේ සඳහන් අර්ථ නිරූපණය අදාළ වෙනු ඇත. ඔබ මෙම ගිවිසුමේ දක්වා ඇති සියලුම කොන්දේසි සහ නියම කියවා, එකඟ වී පිළිගත යුතු වන්නේය. මෙම ගිවිසුම අප විසින් ඕනෑම වේලාවක සංශෝධනය කෙරෙනු ඇති අතර අපගේ වෙබ් අඩවිය තුළ සංශෝධිත අනුවාදය පල කෙරෙනු ඇත. එසේ පල කරන සමාලෝචිත අනුවාදය එතැන් සිට බලාත්මක වෙනු ඇත. මීට අමතරව, එම සමාලෝචිත අනුවාදයට යම් සාරානුකූල වෙනසක් ඇතුළත් වන්නේ නම්, අපගේ වෙබ් අඩවියේ "ප්රතිපත්ති යාවත්කාල" පිටුවේ දැන්වීමක් පළ කිරීම මගින් ඔබට එම සාරානුකූල අනුවාදය පිළිබඳව දින 30කට පෙර දැනුම් දෙනු ඇත්තේය.
PayPal අරමුදල් ලැබීම සහ ස්වයංක්‍රීය මාරු කිරීම මගින් ඔබගේ PayPal ගිණුම වෙත ගෙවීම් ලැබීමට සහ එම මුදල් ස්වයංක්‍රීයවම ඔබ විසින් සබැඳි කර ඇති එක්සත් ජනපද බැංකු ගිණුමට හෝ Visa ණයපත වෙත මාරු කරගැනීමට ඉඩ සලසා දෙනු ලබයි. ඔබ ලබන්නා වූ සියලුම ගෙවීම් දින 30 ක රැඳවුම් කාල සීමාවකට යටත් වේ. ගෙවීම් ලැබීම සඳහා PayPalහි අවශ්‍යතා අවබෝධ කරගැනීමට කරුණාකර මෙම නියම සහ කොන්දේසි හා කියවන්න.
1. යෝග්‍යතාවය:
- ඔබගේ PayPal ගිණුම වෙත ගෙවීම් ලැබීමට ඔබ ඔබගේ එක්සත් ජනපද බැංකු ගිණුම හෝ Visa ණය කාඩ්පත ඔබගේ PayPal ගිණුමට සබැඳි කළ යුතු අතර PayPal හි ණයපත් සහ/හෝ බැංකු ගිණුම් සනාථ කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුය.
2. ස්වයංක්‍රීය මාරු කිරීම:
- නිත්‍ය පදනමින්, PayPal විසින් ස්වයංක්‍රීයවම ඔබගේ ලද හැකි PayPal ශේෂය ඔබගේ එක්සත් ජනපද බැංකු ගිණුමට හෝ වීසා ණයපත වෙත ස්වයංක්‍රීයව මාරු කරනු ඇත.
- ස්වයංක්‍රීය මාරු කිරීම සිදුවන්නේ සෑම මසකම, කාර්තුවකම හෝ ඔබ ජීවත් වන රටේ අදාළ කාල සීමාවේ පළමු දින 3 ඇතුළතය.
- එක්සත් ජනපද බැංකු ගිණුමකට හෝ Visa ණයපතක් වෙත ස්වයංක්‍රීයව මාරු කිරීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
3. හස්තීය මාරු කිරීම සහ ගාස්තුව:
- ඔබට ස්වයංක්‍රීය මාරු කිරීම සිදුවන තෙක් බලා සිටීමට නොහැකි නම් ඔබට ඔබගේ ලද හැකි PayPal මුදල් ශේෂය හස්තීයව ඔබගේ එක්සත් ජනපද බැංකු ගිණුමට හෝ Visa ණයපත වෙත මාරු කළ හැකිය.
- ඔබගේ Visa ණයපත වෙත සිදු කෙරෙන හස්තීය මාරු කිරීම් සඳහා $5.00 USD (හෝ ඊට සමාන මුදලක්) අය කෙරෙනු ඇත.
- ඔබගේ එක්සත් ජනපද බැංකු ගිණුමට කෙරෙන හස්තීය මාරුකිරීම් සඳහා ගාස්තුවක් අය නොකෙරේ.
4. ගෙවීම රඳවා ගැනීමේ කාල සීමාව:
- ඔබ ලබන්නා වූ සියලුම ගෙවීම් මූලික දින 30 ක රැඳවුම් කාල සීමාවකට යටත් වෙනු ඇති අතර ගෙවීමට ඇති ශේෂය තුළ ස්ථානගත කෙරෙනු ඇත. මෙමගින් අදහස් වන්නේ අවම වශයෙන් දින 30 ක් ගත වෙන තෙක් ඔබට ඔබගේ අරමුදල් වෙත පිවිසුම නොමැති වනු ඇති බවයි.
- මුල් දින 30 රැඳවුම් කාල සීමාවෙන් පසුව, PayPal පරිශීලක ගිවිසුමේ හෝ ඔබ PayPal සමඟ එකඟතාවකට පැමිණි වෙන යම් ගිවිසුමක නිශ්චිතව සඳහන් කර ඇති වෙනත් කරුණක් නිසා PayPal විසින් රඳවා නොගන්නේ නම්, ඔබගේ අරමුදල් ඔබගේ ලද හැකි ශේෂය වෙත මුදා හැරෙනු ඇත.
- ඔබ තවදුරටත් මූලික දින 30 රැඳවුම් කාල සීමාවකට යටත් නොවන්නේය යන්න PayPal විසින් එහි තනි අභිමතය පරිදි තීරණය කරනු ඇත. එවන් අවස්ථාවකදී, ඔබගේ PayPal ගිණුම වෙත ඔබ ලබන ගෙවීම්, එය ලැබී මොහොතකින් පසුව ඔබගේ ලද හැකි ශේෂය තුළ දිස් වෙනු ඇත. දින 30 රැඳවුම් කාලය ඉවත් කිරීම සඳහා PayPal විසින් ගනු ලබන තීරණය පහත සඳහන් එහෙත් එයට සීමා නොවූ සාධක මත පදනම් වෙනු ඇත: ඔබ PayPal හි පාරිභෝගිකයෙකු ලෙස ගනුදෙනු කරන කාල සීමාව, ඔබ විසින් අලෙවි කරනු ලබන භාණ්ඩ හා සේවා වර්ගය සහ ඔබට ලැබෙන පාරිභෝගික පැමිණිලි සංඛ්‍යාව.
5. මුදල් ආපසු ගැනීමේ සීමාවන්:
- ඔබගේ Visa ණයපත වෙත සිදු කෙරෙන ස්වයංක්‍රීය මාරු කිරීම්, එක් මාරුකිරීමක් සඳහා ඇමෙරිකානු ඩොලර් 10,000 (හෝ ඊට සමාන මුදලක්) කට සීමා වේ.
- ඔබගේ Visa ණයපත වෙත සිදු කෙරෙන හස්තීය මාරු කිරීම්, දිනකට ඇමෙරිකානු ඩොලර් 500 (හෝ ඊට සමාන මුදලක්) කට සීමා වේ.
- ඔබගේ Visa ණයපත වෙත සිදුකෙරෙන දෛනික මාරු කිරීම් සීමාව (ස්වයංක්‍රීය සහ හස්තීය මාරු කිරිම් එකතුව) ඇමෙරිකානු ඩොලර් 10,000 කට (හෝ ඊට සමාන මුදලකට) සමාන වේ.
6. මූල්‍ය උපකරණ (එක්සත් ජනපද බැංකු ගිණුමට හෝ Visa ණයපතට සබැඳුනු):
- ඔබගේ PayPal ගිණුමට එක් මූල්‍ය උපකරණයකට වඩා සම්බන්ධ කර ඇත්නම්, PayPal විසින් ඔබ පළමු වරට ස්වයංක්‍රීය මාරු කිරීම් සඳහා PayPal වෙත සබැඳි කළ මූල්‍ය උපකරණය භාවිතා කරනු ලැබේ.
- මෙමගින් අදහස් වන්නේ ඔබ පළමු දිනදී ඔබගේ PayPal ගිණුමට Visa ණයපතක් සම්බන්ධ කර ඊළඟ දිනයේදී දෙවන Visa ණයපතක් ඔබගේ ගිණුමට සබැඳි කළේ නම්, PayPal විසින් ඔබ පළමු දිනයේ සබැඳි කළ Visa ණයපත ස්වයංක්‍රීය මාරු කිරීම සඳහා භාවිතා කරන බවයි.
- ඔබට මෙය “පැතිකඩ” පිටුව වෙත ගොස් “ස්වයංක්‍රීය මාරු කිරීම් කළමනාකරණය කරන්න” තේරීමෙන් සහ ස්වයංක්‍රීය මාරු කිරීම් සඳහා ඔබ වඩා කැමති මූල්‍ය උපකරණය තේරීමට ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් වෙනස් කළ හැකිය.
- ඔබ එක්සත් ජනපද බැංකු ගිණුම සහ/හෝ Visa ණයපත ඉවත් කරන්නේ නම්, ඔබගේ PayPal ගිණුමට නව මූල්‍ය උපකරණයක් එක් කරන ලෙසට PayPal විසින් ඔබෙන් ඉල්ලා සිටිනු ඇත. ඔබ එය එසේ නොකරන්නේ නම්, ඔබට ගෙවීම් ලැබීමේ හැකියාව නැති වෙනු ඇත.
- PayPal හට යම් හේතුවක් නිසා ඔබගේ ශේෂය ඔබගේ එක්සත් ජනපද බැංකු ගිණුමට සහ/හෝ Visa ණයපතට මාරු කිරීමට නොහැකි නම්, ඔබගේ PayPal ගිණුමට වෙනත් නව මූල්‍ය උපකරණයක් එක් කිරීමට PayPal විසින් ඔබට සීමිත කාලයක් ලබාදෙනු ඇත. ඔබ එය එසේ නොකරන්නේ නම්, ඔබට ගෙවීම් ලැබීමේ හැකියාව නැති වෙනු ඇත.
7. ගෙවීම් යැවීමේ සීමාවන්:
- ඔබට ගෙවීම් යැවීමට ඔබගේ ණයපත භාවිතා කළ හැකිය. ගෙවීම් යැවීමට ඔබට ඔබගේ PayPal ශේෂය හෝ එක්සත් ජනපද බැංකු ගිණුම භාවිතා කළ නොහැක. ඔබගේ PayPal ශේෂයේ ඇති සියලු මුදල්, ස්වයංක්‍රීය සහ/හෝ හස්තීය මාරු කිරීම හරහා ඔබගේ PayPal ගිණුමෙන් ලබාගත යුතුය.
8. ගෙවීම් ලැබීමේ ගනුදෙනු ගාස්තු:
- ගනුදෙනු ගාස්තු: සම්මත ගාස්තු අනුපාතිකය සහ ව්‍යාපාරික අනුපාතිකය
මාසික ගෙවීම් ප්‍රමාණය
ගාස්තුව
ගාස්තු ප්‍රවර්ගය
$0.01 - $3,000.00 USD (හෝ සමාන මුදලක්) 4.9% + ස්ථාවර ගාස්තුව සම්මත ගාස්තු අනුපාතය $3,000,01 - $10,000.00 USD (හෝ සමාන මුදලක්) 4.4% + ස්ථාවර ගාස්තුව ව්‍යාපාරික අනුපාතිකය $10,000.01 - $100,000.00 USD (හෝ සමාන මුදලක්) 4.2% + ස්ථාවර ගාස්තුව ව්‍යාපාරික අනුපාතිකය $100,000.01 සහ ඉහළ USD (හෝ සමාන මුදලක්) 3.9% + ස්ථාවර ගාස්තුව ව්‍යාපාරික අනුපාතිකය - ස්ථාවර ගාස්තුව
ව්‍යවහාර මුදල
ස්ථාවර ගාස්තුව
ඔස්ට්‍රේලියානු ඩොලර්: $0.30 AUD බ්‍රසීල රියාල්: R$0.60 BRL කැනේඩියානු ඩොලරය: $0.30 CAD චෙක් කොරූනා: 10.00 CZK ඩේනිෂ් ක්‍රෝනර්: 2.60 DKK යූරෝ: €0.35 EUR හොං කොං ඩොලර්: $2.35 HKD හංගේරියානු ෆොරින්ත්: 90 HUF ඊශ්‍රායල් ෂේකෙල්: 1.20 ILS ජපන් යෙන්: ¥40 JPY මැලේසියානු රිංගිට්: 2.00 MYR මෙක්සිකානු පෙසෝ: 4.00 MXN නවසීලන්ත ඩොලර්: $0.45 NZD නෝවීජියානු ක්‍රෝනා: 2.80 NOK පිලිපීන පෙසෝ: 15.00 PHP පෝලන්ත ස්ලොටික්: 1.35 PLN සිංගප්පූරු ඩොලර්: $0.50 SGD ස්වීඩන් ක්‍රෝනා: 3.25 SEK ස්විස් ෆ්‍රෑන්ක්: 0.55 CHF නව තායිවාන ඩොලර්: $10 TWD තායි බාත්: 11 THB එක්සත් රාජධානි ස්ටර්ලිං: £0.20 GBP ඇමෙරිකානු ඩොලර්: $0.30 USD - වාණිජ ගනුදෙනු සඳහා ගෙවීමට ඇති ශේෂය තුළ ස්ථානගත කර ඇති මුදල් ප්‍රමාණද ඇතුළුව ඔබගේ PayPal ගිණුමට ලැබෙන සියලුම මුදල් සඳහා ගනුදෙනු ගාස්තු අදාළ වෙයි. ගනුදෙනු ගාස්තුව යනු ඔබට ලැබෙන ගෙවීමේ ව්‍යවහාර මුදල් මත පදනම් වන ස්ථාවර මුදල් ප්‍රමාණයද ඇතුළුව ගනුදෙනුවේ ප්‍රතිශතයකි.
- ව්‍යාපාරික අනුපාතය ලැබීමට, ඔබ PayPal වෙබ් අඩවිය හරහා PayPal වෙත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු අතර සුදුසුකම් ලැබෙන මාසික ගෙවීම් ප්‍රමාණයක් නඩත්තු කරමින් PayPal සමඟ යහපත් තත්ත්වයේ සම්බන්ධතාවක් පවත්වා ගත යුතුය. ඔබ ව්‍යාපාරික අනුපාතිකය සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් නොකරන්නේ නම්, ඔබ සුදුසුකම් ලබන මාසික ගෙවීම් ප්‍රමාණයට පැමිණ සිටියත් සම්මත ගාස්තු අනුපාතිකයම ගෙවනු ඇත.
- මෙම කොටසේ සඳහන් ගාස්තු ඇල්බේනියාව, බොස්නියාව සහ හර්සිගොවීනාව සහ ඊජිප්තුව සඳහා අදාළ නොවන්නේය. මෙම රටවල් තුළ වාණිජ ගනුදෙනු ලැබීම සඳහා වන ගාස්තු පරිශීලක ගිවිසුම තුළ වන පරිදි අදාළ වෙනු ඇත.