PayPal Shops ප්‍රතිපත්තිය

>> සියලුම නෛතික ගිවිසුම් පෙන්වන්න

PayPal Shops ප්‍රතිපත්තිය

අවසන් යාවත් කිරීම: 2007 මාර්තු 08

 

www.paypal.com වෙබ් අඩවිය හරහා අනෙක් පරිශීලකයින්ට තම වෙබ් අඩවිය පිළිබඳව තොරතුරු සංදර්ශනය කිරීමට පරිශීලකයින්ට ඉඩ සලසන PayPal Shops විශේෂාංගය භාවිතා කිරීමට පහත නියමයන් අදාළ වෙනු ඇත.

  1. වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේ තොරතුරුවල නිවැරදිතාවය. PayPal Shops ලියාපදිංචි කරන මොහොතේ ඔබ සපයන වෙබ් අඩවියේ මාතෘකාව, විස්තරය, ප්‍රවර්ගය සහ වෙනත් සියලුම ඉල්ලන ලද තොරතුරු සත්‍යවාදී විය යුතුය. ඔබගේ PayPal Shops ලියාපදිංචි තොරතුරුවල කිසියම් වෙනසක් සිදුවන්නේ නම්, ඔබ PayPal වෙබ් අඩවිය හරහා ඉක්මණින්ම එම තොරතුරු යාවත් කළ යුතුය. අනුකූලතාවය දැක්වීමට අසමත් වුවහොත් PayPal වෙබ් අඩවියෙන් ඔබගේ වෙබ් අඩවිය පිළිබඳ තොරතුරු ඉවත් කිරීමට මෙන්ම PayPal සමඟ වෙබ් අඩවියක් ලියාපදිංචි කිරීම සඳහා ස්ථිර ලෙසම අයෝග්‍ය වීමට ඉඩ ඇත. වංචාකාරී තොරතුරු සැපයීමෙන් ඔබගේ PayPal ගිණුම අගුලු ලෑමට හෝ වසා දැමීමට හේතු විය හැකිය. ඔබ, ඔබගේ ලියාපදිංචි තොරතුරුවල නිරවද්‍යතා තහවුරු කරගැනීමට ඔබගේ අඩවියට හස්තීය නිරීක්ෂණයක් කිරීමට හෝ ස්වයංක්‍රීය "ස්පයිඩරින්ග්" ක්‍රමය හෝ වෙනත් ස්වයංක්‍රීය සෙවුම් තාක්ෂණ ඔස්සේ පිවිසීමට PayPal වෙත අයිතිය ලබාදෙයි. ඔබගේ අඩවියේ නිරවද්‍යතාව අධීක්ෂණය කිරීමට PayPal බැඳී නොසිටී.

  2. යෝග්‍යතාවය.

    1. එක්සත් ජනපද පරිශීලකයින්. පහත කොන්දේසි සපුරන එක්සත් ජනපද පරිශීලයින් PayPal Shops හි වෙබ් අඩවියක් ලියාපදිංචි කිරීමට යෝග්‍යයි:
      1. පරිශීලකයාට සනාථ කළ ප්‍රමුඛ හෝ ව්‍යාපාර ගිණුමක් ඇත
      2. පරිශීලකයා ඔවුන්ගේ PayPal ගිණුම සමඟ ලියාපදිංචි කළ ණයපතක් පවත්වාගෙන යයි.
      3. පරිශීලකයා PayPal මුදල් වෙළෙඳපොළ අරමුදල් ගිණුමක් විවෘත කර ඇත.
      ලියාපදිංචි සාප්පුවක හිමිකරුවා ඉහත දක්වා ඇති අවශ්‍යතාවන්ගෙන් එකක් හෝ කිහිපයක් තවදුරටත් සපුරන්නේ නොමැති නම් එම වෙබ් අඩවිය PayPal Shops නාමාවලියෙන් ඉවත් කෙරෙනු ඇත.

    2. කැනේඩියානු පරිශීලකයින්. පහත කොන්දේසි සපයන කැනේඩියානු පරිශීලකයින් PayPal Shops හි වෙබ් අඩවියක ලියාපදිංචි වීමට යෝග්‍ය වේ:
      1. පරිශීලකයාට සනාථ කළ ප්‍රමුඛ හෝ ව්‍යාපාර ගිණුමක් ඇත.
      2. පරිශීලකයා දින 90 කට නොඅඩු කාලයක් PayPal පද්ධතියේ සිටී.
      3. පරිශීලකයා අවම වශයෙන් 10 ක අලෙවිකරු කිර්ති අංකයක් ඇත.
      ලියාපදිංචි සාප්පුවක හිමිකරුවා ඉහත දක්වා ඇති අවශ්‍යතාවන්ගෙන් එකක් හෝ කිහිපයක් තවදුරටත් සපුරන්නේ නොමැති නම් එම වෙබ් අඩවිය PayPal Shops නාමාවලියේ තබාගැනීම සහ PayPal සමඟ ඇති ලියාපදිංචිය නවතිනු ඇත.

    3. එක්සත් ජනපද හෝ කැනේඩියානු නොවන පරිශීලකයින්. එක්සත් ජනපදයෙන් සහ කැනඩාවෙන් පිටත සිටින පරිශීලකයින් PayPal Shops සඳහා නව සාප්පුවක් ලියාපදිංචි නොකළ යුතුය. පවතින සාප්පු සහිත පරිශීලකයින්ට තම සාප්පුව එලෙසම ලැයිස්තුගත කර පවත්වා ගත හැකි අතර තම සාප්පුවට නවීකරණයන් කරගැනීම සඳහා පාරිභෝගික සේවාව ඇමතිය යුතුය.

    4. වෙබ් අඩවිය PayPal ගෙවීම් පිළිගත යුතුය. මෙම වෙබ් අඩවිය PayPal ගෙවීම් පිළිගත යුතුය. ඔබගේ වෙබ් අඩවිය පරීක්ෂාවේදී එය PayPal ගෙවීම් පිළි නොගන්නා බව පෙනී ගියහොත් එය PayPal Shops නාමාවලියෙන් ඉවත් කෙරෙනු ඇත. ඔබගේ වෙබ් අඩවිය PayPal ගෙවීම් පිළිගන්නා විට ඔබට එය PayPal Shops සඳහා නැවත ලියාපදිංචි කළ හැකිය.

    5. වෙනත්. PayPal Shops සඳහා ලියාපදිංචි වීමෙන් ඔබ ඕනෑම වේලාවක ඔබ හෝ ඔබගේ ව්‍යාපාරයේ ණය පිරික්සුමක් කිරීමට PayPal හට අයිතිය ලබාදෙයි. ඕනෑම මොහොතක ඕනෑම හේතුවක් මත කිසියම් හෝ වෙබ් අඩවියක් PayPal Shops නාමාවලියෙන් ඉවත් කිරීමට PayPal හට අයිතිය ඇත.
  3. ඔබගේ තොරතුරු භාවිතා කිරීම සඳහා බලපත්‍රය. ඔබ PayPal වෙත ලබාදෙන වෙබ් අඩවි ලියාපදිංචි තොරතුරුවල හිමිකරු ඔබ වන නමුත් එවැනි තොරතුරු PayPal වෙත ලබාදීම මගින් PayPal Shops සේවාව හා සම්බන්ධව තොරතුරු භාවිතා කිරීමට ඔබ PayPal වෙත අවසරය ලබාදෙයි. විශේෂයෙන්, ඔබ PayPal රහස්‍යතා ප්‍රතිපත්තියට අනුකූල වීමට යටත්ව PayPal වෙබ් අඩවිය මත ඔබගේ වෙබ් අඩවි ලියාපදිංචි තොරතුරු හෝ PayPal ගනුදෙනුවලට අදාළ වන ඊමේල් පණිවුඩ පිටපත් කිරීමට, පල කිරීමට සහ සංදර්ශනය කිරීමට, PayPal හට කිසිවක් බැහැර නොකරන, ලෝක ව්‍යාප්ත, වෙනස් නොවන, කතු හිමිකම රහිත බලපත්‍රයක් ලබාදෙයි. ඔබ PayPal Shops හි සාමාජිකත්වය අවසන් කිරීමත් සමඟ, එය ඔබ විසින් හෝ PayPal විසින් හෝ කළා වුවත්, මෙම බලපත්‍රය අවසන් වේ.

  4. පවරා දීමක් නොමැත. වෙබ් අඩවි ලියාපදිංචි තොරතුරු PayPal විසින් ඉදිරිපත් කිරීම යනු වෙබ් අඩවිය හෝ වෙබ් අඩවිය හරහා ලබාදෙන කිසිදු භාණ්ඩයක් හෝ සේවාවක් පැවරීමක් වන්නේ නැත. ඔබගේ භාණ්ඩ හෝ සේවාවන් PayPal විසින් පවරා දීමක් සිදු කිරීමට ප්‍රකාශිතව හෝ අප්‍රකාශිතව උත්සාහයක් ගනු ලබන්නේ නම් එමගින් PayPal Shops සමඟ වන ඔබගේ සහභාගීත්වය අවසන් වීමට පසුබිම සකසනු ඇත.

  5. අනීතික වෙබ් අඩවි හෝ PayPal පිළිගත හැකි භාවිතා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන වෙබ් අඩවි. තෙවන පාර්ශ්වයක බුද්ධිමය දේපළක් කඩ කරන භාණ්ඩ හෝ සේවාවක් අලෙවි කිරීම ඇතුළුව එහෙත් එයට සීමා නොවන නීති විරෝධී කටයුත්තක් ප්‍රවර්ධනය කරන හෝ එයට පහසුකම් සලසන වෙබ් අඩවියක් ඔබ විසින් ලියාපදිංචි නොකළ යුතුය. PayPal හි පිළිගත හැකි භාවිතා ප්‍රතිපත්තිය තුළ දක්වා ඇති රීති උල්ලංඝනය වන වෙබ් අඩවියක් ද ඔබ විසින් ලියාපදිංචි නොකළ යුතුය. එලෙස සිදු කරන ඕනෑම ලියාපදිංචියක් මගින් PayPal Shopsහි ඔබගේ සහභාගීත්වය අවසන් වෙනු ඇති අතර ඔබගේ PayPal ගිණුම වහාම වසා දැමෙනු ඇත. ඒ සියලු ක්‍රියාවන් ඔබගේ Wells Fargo අවශ්‍යතාවන් හා/හෝ Mastercard/VISA රීති හෝ ප්‍රතිපත්ති උල්ලංඝනය කරනු ඇති අතර එමගින් එම සංවිධානවල ඔබගේ කාඩ්පත් ගිණුම් අවසන් කිරීමට හේතු සැකසෙනු ඇත. එම අවසන් කිරීම මඟින් ඔබට කිසිදු Mastercard හෝ VISA ලබාගත හැකි බැංකුවක් සමඟ නව ගිණුමක් ලියාපදිංචි කිරීම තහනම් වෙනු ඇත.

  6. PayPal සමඟ ලියාපදිංචි වූ වෙබ් අඩවි සමඟ මිලදී ගැනීම. වෙබ් අඩවියේ හිමිකරුවා විසින් වෙබ් අඩවි ලියාපදිංචි තොරතුරු සැපයෙනු ඇති අතර එවැනි තොරතුරුවල දෝෂ හෝ වැරදි නියෝජනයන් සඳහා PayPal වග කියනු නොලබයි. PayPal විසින් වෙළෙඳ කටයුතුවල යෙදීමට ඇති හැකියාව සහ තොරතුරුවල අන්තර්ගතයේ නිරවද්‍යතාවය පිළිබඳ වගකීමද ඇතුළුව එහෙත් එයට සීමා නොවෙමින් වෙබ් අඩවි ලියාපදිංචි තොරතුරු හා සම්බන්ධ සියලු වගකීම්වලින් වියාචනය වෙයි. PayPal සමඟ ලියාපදිංචි වූ තෙවන පාර්ශ්ව වෙබ් අඩවි සමඟ සිදු කෙරෙන මිලදී ගැනීම්වල ආරක්ෂාව සම්බන්ධව PayPal වග නොකියන අතරම මෙම වෙබ් අඩවි හරහා ලබා දෙන භාණ්ඩ හෝ සේවාවල ගුණාත්මක බව සම්බන්ධව PayPal වග කියනු නොලබයි. වෙබ් මිලදී ගැනීම් සම්බන්ධ වැඩි දුර තොරතුරු සඳහා කරුණාකර අපගේ ආරක්ෂක ඉඟි පිටුව වෙත යන්න.

  7. ගාස්තු. PayPal Shops තුළ ස්ථානගත කිරීම වර්තමානයේදී නොමිලේ සිදු කෙරේ. ගාස්තු ඉදිරියේදී ඉදිරිපත් කෙරෙනු ඇති නමුත් ඔබට පළමුව දැනුම් දීමකින් තොරව කිසිදු වෙනස් කිරීමක් සිදු නොකෙරෙනු ඇත.