PayPal ගැනුම්කරු ආරක්ෂාව

අවසන් වරට යාවත්කාලීන කළේ: 2021 දෙසැම්බර් 1

 

PayPal ගැනුම්කරු ආරක්ෂාව

ඔබ PayPal පිළිගන්නා විකුණුම්කරුවෙකුගෙන් යමක් මිලට ගත් විට, මෙහි නියම හා කොන්දේසිවලින් දක්වා ඇති පරිශීලක ගිවිසුමේ කොටසක් වන PayPalහි ගැනුම්කරු ආරක්ෂාව වැඩසටහන යටතේ ඔබට මුදල් ආපසු ගෙවීමකට සුදුසුකම් ලැබිය හැකිය. අදාළ වන විට, PayPal ගැනුම්කරු ආරක්ෂාව වැඩසටහන යටතේ ඔබට අයිතමයේ සම්පූර්ණ ගැනුම් මිල සහ තිබේනම්, ඔබ ගෙවන ලද මුල් ප්‍රවාහනගත කිරීම් පිරිවැය ප්‍රතිපූරණය කර ගැනීමට අවස්ථාව හිමි වේ. PayPal සිය පූර්ණ අභිමතිය පරිදි සුදුසුකම් සැපිරීමේ අවශ්‍යතා, ආරවුල් නිරාකරණ ක්‍රියාවලිය අතරතුර සපයන ලද කවර හෝ තොරතුරක් හෝ ලියවිල්ලක් හෝ PayPal විසින් අදාළ තත්ත්වය යටතේ අදාළ යැයි සලකන කවර හෝ වෙනත් තොරතුරක් මත පදනම්ව ඔබේ හිමිකම් පෑම අලෙවිකරුගේ ආරක්ෂාව වැඩසටහන සඳහා සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කරයි. PayPalහි මුල් තීරණය අවසානාත්මක ලෙස සැලකෙන නමුත්, මුල් තීරණය ගන්නා අවස්ථාවේ ලද නොහැකි වූ නව හෝ වැදගත් තොරතුරු ඔබ සතුව තිබේ නම් හෝ තීරණය ගැනීමේ ක්‍රියාවලිය තුළ වරදක් තිබූ බවට ඔබ විශ්වාස කරන්නේ නම් ඔබට එම තීරණය පිළිබඳ අභියාචනයක් PayPal සමග ගොනු කළ හැකිය.

වැදගත්: ඔබේ හිමිකම් පෑම නිරාකරණය කිරීමේ කොටසක් ලෙස විකිණුම්කරු හෝ අනෙක් පාර්ශ්වය වෙත අයිතමය ආපසු ලබා දීමට ඔබට සිදු විය හැක. PayPal ගැනුම්කරු ආරක්ෂාව වැඩසටහන යටතේ ඔබ විසින් දරන ආපසු භාර දීමේ ප්‍රවාහනගත කිරීමේ ගාස්තු ප්‍රතිපූරණය කර ගැනීම සඳහා ඔබට අවස්ථාව නොලැබේ.

ගනුදෙනුවක් සම්බන්ධයෙන් මෙම විශේෂිත ගැටලුවලට ඔබ මුහුණ දෙන විට PayPal ගැනුම්කරු ආරක්ෂාව වැඩසටහන අදාළ විය හැක:

  • ඔබට විකුණුම්කරුවකු වෙතින් ඔබේ අයිතමය නොලැබිණි, ("අයිතමය නොලැබිණි" හිමිකම් පෑමක් ලෙස හඳුන්වනු ලැබේ) නැතහොත්
  • ඔබට අයිතමයක් ලැබුණු නමුත් එය ඔබ ඇණවුම් කළ එක නොවේ ("සැලකිය යුතු ලෙස විස්තර කර ඇති ආකාරයෙන් නැත" හිමිකම් පෑමක් ලෙස හඳුන්වනු ලැබේ).

ඔබේ PayPal ගිණුම ඔස්සේ සිදු කරන ලද ගනුදෙනුව ඔබ විසින් බලය පැවරූ එකක් නොවන බවට ඔබ විශ්වාස කරන්නේ නම්, ඒ ආකාරයේ හිමිකම් පෑම් ගැනුම්කරු ආරක්ෂා කිරීමේ වැඩසටහනට අදාළ නොවන අතර එය අනවසර ගනුදෙනු සඳහා බැඳීම යටතේ විස්තර කරනු ලැබේ.

 

අයිතමය නොලැබීමේ හිමිකම් පෑම්

පහත අවස්ථාවල දී අයිතමය නොලැබීමේ හිමිකම්පෑමක් සඳහා PayPalහි ගැනුම්කරු ආරක්ෂාව වැඩසටහන යටතේ ඔබේ හිමිකම් පෑම ආපසු ගෙවීමකට සුදුසුකම් නොලබනු ඇත:

විකිණුම්කරු විසින් භාණ්ඩ ඔබේ ලිපිනයට භාර දුන් බවට සාක්ෂි සපයන්නේ නම්, ඔබ භාණ්ඩ නොලැබුණු බවට ප්‍රකාශ කළ ද PayPal විසින් අයිතමය නොලැබීමේ හිමිකම් පෑමක් සඳහා විකුණුම්කරු නිදොස් කරනු ලබයි.

 

සැලකිය යුතු ලෙස විස්තර කර ඇති ආකාරයෙන් නැති හිමිකම් පෑම්

අයිතමයක් සැලකිය යුතු ලෙස විස්තර කර ඇති ආකාරයෙන් නැත ලෙස සලකනු ලැබිය හැක්කේ:

  • අයිතමය විකුණුම්කරු එය විස්තර කළ අන්දමට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වන්නේ නම්.
  • ඔබට සම්පූර්ණයෙන්ම වෙනස් අයිතමයක් ලැබුණි නම්.
  • අයිතමයේ තත්ත්වය වැරදි ලෙස අර්ථ කථනය කරන ලද්දේ නම්. උදාහරණ ලෙස "අලුත්" ලෙස විස්තර කරන ලද අයිතමයක් භාවිතා කරන ලද එකක් වීම.
  • අයිතමය සත්‍ය එකක් ලෙස ප්‍රචාරණය කර තිබුණ ද එය සත්‍ය එකක් නොවීම (එනම්, එය ව්‍යාජ එකකි).
  • අයිතමයේ ප්‍රධාන කොටස් හෝ විශේෂාංග නොමැති අතර ඔබ විසින් එය මිල දී ගන්නා විට අයිතමය පිළිබඳ විස්තරයෙන් ඒ කරුණු අනාවරණය නොවීම.
  • ඔබ යම් අයිතම සංඛ්‍යාවක් මිල දී ගත් අතර ඒ සියල්ල නොලැබීම.
  • නැව්ගත කිරීම අතර අයිතමයට සැලකිය යුතු ලෙස හානි සිදු වීම.
  • අයිතමය ලැබුණු තත්ත්වයෙන් ප්‍රයෝජනයට ගත නොහැකි අතර ඒ බව කලින් අනාවරණය නොකිරීම.

අයිතමයක් සැලකිය යුතු ලෙස විස්තර කර ඇති ආකාරයෙන් නැති ලෙස සලකනු නොලැබිය හැක්කේ:

  • අයිතමය සැලකිය යුතු ලෙස විකිණුම්කරු විසින් ඒ පිළිබඳ සැපයූ විස්තරයට සමාන නම්.
  • විකිණුම්කරු විසින් අයිතමයේ ඇති දෝෂය අයිතමය පිළිබඳ විස්තරයේ නිවැරදිව විස්තර කර ඇති නම්.
  • අයිතමය නිවැරදි ලෙස විස්තර කර තිබුණ ද ඔබට එය ලැබුණු පසු ඔබට එය නුවුමනා වූයේ නම්.
  • අයිතමය නිවැරදි ලෙස විස්තර කර තිබුණ ද එය ඔබේ අපේක්ෂාවන් සපුරාලීමට අසමත් වීම.
  • අයිතමයේ සුළු සීරිම් ඇති අතර "පාවිච්චි කළ" ලෙස විස්තර කරන ලද එකක් වූයේ නම්.

 

සුදුසුකම් නොලබන අයිතම සහ ගනුදෙනු

PayPalහි ගැණුම්කරු ආරක්ෂාව වැඩසටහන සඳහා පහත අයිතම හෝ ගනුදෙනු යෝග්‍ය නොවේ:

  • නේවාසික දේපළ ඇතුළු, දේපළ වෙළඳාම්
  • බයිසිකල් සහ රෝද සහිත හොවර්බෝඩ් වැනි විනෝදාත්මක කටයුතු සඳහා භාවිතා කරන පුද්ගලිකව අතේ ගෙන යා හැකි සැහැල්ලු වාහන හැරුණු විට, මෝටර් වාහන, යතුරු පැදි, විනෝදාත්මක වාහන, ගුවන් යානා සහ බෝට්ටු ඇතුළු එහෙත් ඒවාට සීමා නොවන වාහන
  • ව්‍යාපාර (ඔබ ව්‍යාපාරයක් මිලට ගන්නා විට හෝ ආයෝජනය කරන විට)
  • නිෂ්පාදන සඳහා භාවිතා කරන කාර්මික යන්ත්‍රෝපකරණ
  • ත්‍යාග කාඩ්පත් සහ පෙරගෙවුම් කාඩ්පත් වැනි ගබඩා කළ වටිනාකමක් ඇති භාණ්ඩ ඇතුළුව මුදල්වලට සමාන ගෙවීම්
  • රත්රන් සඳහා ගෙවීම් (භෞතික ස්වරූපයෙන් හෝ හුවමාරු වෙළඳ ස්වරූපයෙන්)
  • මූල්‍ය නිෂ්පාදන හෝ ඕනෑම ආකාරයක ආයෝජන
  • ඇතුල් වීමේ ගාස්තුවක් සහ ත්‍යාගයක් සමග සූදුව, ක්‍රීඩා කිරීම සහ/හෝ වෙනත් ක්‍රියාකාරකම්
  • සමූහ අරමුදල් සපයන වේදිකාවල ගෙවීම් මෙන්ම සමූහ රැස්වීම් වේදිකාවල ගෙවීම් ඇතුළු පරිත්‍යාග
  • රජය විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයකට (රජයට හිමි ව්‍යවසායන් හැර), රාජ්‍ය නියෝජිතායනයකට හෝ රාජ්‍ය ආයතන හෝ රජයේ නියෝජිතායන වෙනුවෙන් ක්‍රියා කරන තෙවන පාර්ශවයකට ගෙවීම්
  • ඕනෑම බිල්පත් ගෙවීමේ සේවාවක් සඳහා ගෙවීම්
  • සම්පූර්ණයෙන් ම හෝ අර්ධ වශයෙන් අභිරුචිය අනුව සාදන ලද අයිතම සඳහා සැලකිය යුතු ලෙස විස්තර කර ඇති ආකාරයෙන් නැති බවට වන හිමිකම් පෑම්
  • ඔබ පෞද්ගලිකව එකතු කරන හෝ ඔබ වෙනුවෙන් එකතු කිරීමට කටයුතු කරන භෞතික, ස්පර්ශ්‍ය අයිතම සඳහා වන අයිතමය නොලැබිණි සඳහා හිමිකම්. PayPal හි භාණ්ඩ හා සේවා QR කේතය භාවිතා කරමින් ඔබ පෞද්ගලිකව ගොස් ගනුදෙනුව සඳහා මුදල් ගෙවා ඇත්නම් හැර, විකුණුම්කරුගේ අලෙවිසැලක මිල දී ගත් අයිතම මෙයට ඇතුළත් වේ
  • PayPalහි පිළිගත හැකි භාවිතය ප්‍රතිපත්තිය මගින් තහනම් කර ඇති ඕනෑම දෙයක්
  • PayPal ගෙවා දැමීම් භාවිතයෙන් කරන ලද ගෙවීම් (කලින් බහු ගෙවීම)
  • එය PayPal හි මිතුරන් සහ පවුල ක්‍රියාකාරීත්වය භාවිතයෙන් කරන ලද පුද්ගලික ගෙවීම්
  • PayPal ගිණුම භාවිතා කර ඔබ නොකරන ලද ගෙවීම්
  • තනි අයිතම ගනුදෙනු හෝ අයිතම කිහිපයක් අයත් වන ගනුදෙනු ඇතුළුව නැවත අලෙවි කිරීම සඳහා අදහස් කරන ලද අයිතම

 

PayPal හි ගැනුම්කරු ආරක්ෂා කිරීමේ වැඩසටහන සඳහා ගනුදෙනු සුදුසුකම්

PayPal ගැණුම්කරු ආරක්ෂාව සඳහා යෝග්‍ය වීමට ඔබ පහත සියලු අවශ්‍යතා සපුරාලිය යුතු යි:

  • යහපත් තත්ත්වයේ පවතින PayPal ගිණුමක් තිබීම.
  • යෝග්‍ය අයිතමය සඳහා ඔබේ PayPal ගිණුමෙන් ගෙවිය යුතුයි.
  • විසඳුම් මධ්‍යස්ථානය හරහා PayPal හි මිලදී ගැනීමේ ආරක්ෂාව යටතේ හිමිකම් පෑමක් ගොනු කිරීමට පෙර ඔබේ ගැටලුව සෘජුවම විසඳා ගැනීම සඳහා විකිණුම්කරු ඇමතීමට උත්සාහ කළ යුතුයි.
  • PayPal හි ලියකියවිලි හා අනෙකුත් තොරතුරු සඳහා වන ඉල්ලුමට කලට වේලාවට ප්‍රතිචාර දැක්විය යුතුයි.
  • ඔබ විසින් ගෙවීම යැවූ දින සිට දින 180 ක් ඇතුළත විසඳුම් මධ්‍යස්ථානය තුළ මතභේදයක් විවෘත කර අපගේ මාර්ගගත මතභේද නිරාකරණ ක්‍රියාවලිය අනුගමනය කළ යුතුය.
  • ප්‍රතිසාධනයක් නොලැබී ඇති හෝ වෙනත් මූලාශ්‍රයක් වෙතින් ඔබේ මිල දී ගැනීමට අදාළව විකල්ප නිරාකරණයකට එකඟ වී තිබීම.

 

මාර්ගගත මතභේද නිරාකරණ ක්‍රියාවලිය

ඔබට විකිණුම්කරුවකු සමග ඍජුව ගනුදෙනුවක් ආශ්‍රිත ගැටලුවක් නිරාකරණය කර ගැනීමට නොහැකි නම්, අපගේ ගැනුම්කරු ආරක්ෂා කිරීමේ වැඩසටහන යටතේ හිමිකම් පෑමක් ඉදිරිපත් කිරීම සඳහා ඔබ විසින් නිරාකරණ මධ්‍යස්ථානය ඔස්සේ අපගේ මාර්ගත මතභේද නිරාකරණ ක්‍රියාවලිය අනුගමනය කළ යුතුය. අප අමතා නියෝජිතයකු හා කතා කිරීම මඟින් ද ඔබට හිමිකමක් ගොනු කිරීමට හැකිය (පහත 2 වැනි පියවර). ඔබ විසින් අනුගමනය කළ යුතු පියවර පහතින් විස්තර කර ඇති අතර ඔබ මෙම පියවර අනුගමනය නොකළහොත් ඔබේ හිමිකම් පෑම ප්‍රතික්ෂේප විය හැක:

1 පියවර: ඔබ ගෙවීම සිදු කළ දින සිට දින 180 ක් ඇතුළත මතභේදයක් විවෘත කරන්න. මෙමගින් ඔබට විකුණුම්කරු සමග ගනුදෙනුව සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලුව පිළිබඳ ඍජු සාකච්ඡාවක් ඇරඹීමට අවස්ථාව ලැබෙන අතර එය මතභේදය විසඳා ගැනීමට උපකාරී වනු ඇත. ඔබට ඍජුවම විකුණුම්කරු සමග මතභේදය නිරාකරණය කර ගැනීමට නොහැකි නම් 2 වැනි පියවර වෙත යන්න. මතභේදය නිරාකරණය කර ගන්නා හෝ අවසන් වන තුරු අපි විකුණුම්කරුගේ PayPal ගිණුමෙහි ගනුදෙනුවට අදාළ සියලු අරමුදල් රඳවා ගන්නෙමු.

2 පියවර: ඔබ හා විකුණුම්කරු එකඟතාවකට ඒමට අපොහොසත් වේ නම්, මතභේදය විවෘත කර දින 20 ක් ඇතුළත ප්‍රතිපූරණය කිරීම සඳහා මතභේදය හිමිකම් පෑමකට උද්ගමනය කරන්න නැතහොත් අපි ස්වයංක්‍රීයව මතභේදය වසන්නෙමු. ඔබට නිරාකරණ මධ්‍යස්ථානය ඔස්සේ මතභේදය ප්‍රතිපූරණය කිරීම සඳහා හිමිකම් පෑමකට උද්ගමනය කළ හැකිය. මෙම අවස්ථාවේ දී විකිණුම්කරුට හෝ PayPal හට ද මතභේදය හිමිකම් පෑමකට උද්ගමනය කළ හැකිය. මතභේදය උද්ගමනය කිරීම සඳහා යටත් පිරිසෙයින් ගනුදෙනුවේ දින සිට දින 7 ක් සිටින ලෙස PayPal ඔබෙන් ඉල්ලා සිටීමට ඉඩ ඇත.

3 පියවර: ඔබ, විකුණුම්කරු හෝ PayPal ඔබේ මතභේදය ප්‍රතිපූරණය සඳහා හිමිකම් පෑමකට උද්ගමනය කිරීමෙන් පසු ලියකියවිලි හෝ වෙනත් තොරතුරු සඳහා PayPal වෙතින් ලැබෙන ඉල්ලුම්වලට ප්‍රතිචාර දක්වන්න. PayPal විසින් ඔබට ලදුපත්, තෙවැනි පාර්ශ්වීය ඇගයීම්, පොලිස් වාර්තා හෝ PayPal විසින් දක්වන වෙනත් ලේඛන සපයන ලෙස ඉල්ලා සිටිය හැක. ඔබ සමග සිදු කරන අපගේ ලිපි හුවමාරුවේදී ඉල්ලන පරිදි ඔබ මෙම ඉල්ලීම් වලට කාලීන ආකාරයකින් ප්‍රතිචාර දැක්විය යුතුය.

4 පියවර: ඔබ විසින් සැලකිය යුතු ලෙස විස්තර කළ පරිදි නොවන හිමිකම් පෑමක් ගොනු කරන්නේ නම්, PayPal හි ප්‍රවාහනගත කිරීමේ ඉල්ලුම්වලට නිසි කලට අනුකූලතාව දක්වන්න. අයිතමය නැවත ඔබේ වියදමින් විකිණුම්කරු, PayPal හෝ තෙවැනි පාර්ශ්වයක් (PayPal විසින් නියම කරනු ලබන) වෙත ප්‍රවාහනගත කර භාරදුන් බවට සාක්ෂියක් ඉදිරිපත් කරන ලෙස PayPal ඔබට නියම කරනු ලැබිය හැක.

භාරදුන් බවට සාක්ෂිය යන්නෙන් අදහස් වන්නේ:

එකතුව $750 USD ට (හෝ පහත වගුවේ දැක්වෙන සමාන ව්‍යවහාර මුදල් සීමාවට) වඩා අඩු ගනුදෙනු සඳහා, මාර්ගගතව බැලිය හැකිවනු ඇති සහ යටත් පිරිසෙයින් නගරය/ හෝ තැපැල් කේතය, භාර දුන් දිනය හා ඔබ භාවිතා කළ නැව් සමාගමේ අනන්‍යතාව පෙන්වන භාර දුන් ලිපිනය ඇතුළත් තහවුරු කිරීමක්.

එකතුව $750 USD (හෝ පහත වගුවේ දැක්වෙන සමාන ව්‍යවහාර මුදල් සීමාවට) හෝ ඊට වැඩි ගනුදෙනු සඳහා, ඔබ විසින් භාර දීමේ අත්සන් කළ තහවුරු කිරීමක් සැපයිය යුතු වේ (පහත රටවල ලියාපදිංචි කරන ලද PayPal ගිණුමක් සහිත ගැනුම්කරුවන් හැර: ඇල්බේනියාව, ඇන්ඩෝරා, බොස්නියා හා හර්සිගොවීනා, ක්‍රොඒෂියාව, අයිස්ලන්තය, ඊශ්‍රායලය හෝ යුක්රේනය යන එබඳු අවශ්‍යතා අදාළ නොවන රටවල්). ගනුදෙනුව සිදු වී ඇත්තේ වගුවේ දක්වා ඇති ව්‍යවහාර මුදල් වර්ගයකින් නොවේ නම්, එවිට ගෙවීම ගනුදෙනුව සකස් කරන වේලාවේ අදාළ වන PayPal විනිමය අනුපාතයට අනුව $750 USD ට සමාන අගයක් ඉක්මවන්නේ නම් අත්සන මගින් තහවුරු කිරීම අවශ්‍ය වේ.

අත්සන තහවුරු කිරීමේ මුදල් සීමාවන්

ව්‍යවහාර මුදල

ගනුදෙනු අගය

ව්‍යවහාර මුදල

ගනුදෙනු අගය

ඔස්ට්‍රේලියානු ඩොලර්:

850 AUD

නවසීලන්ත ඩොලර්:

950 NZD

බ්‍රසීල රියාල්:

1,750 BRL

නෝවේජියානු ක්‍රෝනා:

4,600 NOK

කැනේඩියානු ඩොලර්:

850 CAD

පිලිපීන පෙසෝ:

34,000 PHP

චෙක් කොරූනා:

15,000 CZK

පෝලන්ත ස්ලොටික්:

2,300 PLN

ඩෙන්මාර්ක ක්‍රෝනා:

4,100 DKK

රුසියානු රූබල්:

48,000 RUB

යූරෝ:

550 EUR

සිංගප්පූරු ඩොලර්:

950 SGD

හොං කොං ඩොලර්:

6,000 HKD

ස්වීඩන ක්‍රෝනා:

4,950 SEK

හංගේරියානු ෆොරින්ත්:

170,000 HUF

ස්විස් ෆ්‍රෑන්ක්:

700 CHF

ඊශ්‍රායල් ෂේකෙල්:

2,700 ILS

තායිවාන නව ඩොලර්:

23,000 TWD

ජපන් යෙන්:

77,000 JPY

තායි බාත්:

24,500 THB

මැලේසියානු රිංගිට්:

3,100 MYR

එක්සත් රාජධානි ස්ටර්ලිං:

450 GBP

මෙක්සිකානු පෙසෝ:

10,000 MXN

ඇමෙරිකානු ඩොලර්:

750 USD

5 පියවර: PayPal විසින් ඉහත දක්වා ඇති ආවරණය වීමේ හා සුදුසුකම් සැපිරීමේ අවශ්‍යතා, මාර්ගගත ආරවුල් නිරාකරණ ක්‍රියාවලිය අතරතුර සපයන ලද කවර හෝ අතිරේක තොරතුරක් හෝ අදාළ තත්ත්වය යටතේ අදාළ හා යෝග්‍ය ලෙස සලකන කවර හෝ වෙනත් තොරතුරක් මත පදනම්ව එහි පූර්ණ අභිමතියට අනුව PayPal විසින් අවසන් තීරණයක් (ස්වයංක්‍රීයව කිනම් හෝ මතභේදයක් හෝ හිමිකම් පෑමක් වැසීම ඇතුළුව) ගනු ලබයි.

ඔබ විසින් ඩිජිටල් භාණ්ඩ ක්ෂුද්‍ර ගෙවීම් මිල දී ගැනීම් සිදු කරන විට අදාළ වන විශේෂ රීති තිබෙන බවත් අපට අපගේ අභිමතිය අනුව ඔබ විසින් තවත් යමක් කිරීමට අවශ්‍ය නොවී ගනුදෙනුව ප්‍රතිවර්තනය කරනු ලැබිය හැකි පූර්ව නිර්ණිත සීමාවන් ඊට අදාළ වන බව සලකන්න. ඔබට ප්‍රතිලාභ සැලසෙන ස්වයංක්‍රීය ප්‍රතිවර්තන සංඛ්‍යාව අප විසින් සීමා කරනු ලැබිය හැකි නමුත්, එවන් අවස්ථාවක දී වුව, ඔබට තවදුරටත් ඉහතින් විස්තර කර ඇති PayPalහි සම්මත මතභේද විසඳීමේ ක්‍රියාවලීන් අනුගමනය කිරීමට හැකියාව තිබේ.

PayPal විසින් ගැනුම්කරු හෝ විකුණුම්කරුගේ සුභ සාධනය සඳහා අවසන් තීන්දුවක් ගනු ලැබූ විටක පාර්ශ්ව දෙකම PayPal හි තීරණයට අනුකූලතාව දැක්විය යුතුය.

PayPal ගැනුම්කරුවකුගේ සුභ සාධනය සඳහා තීරණයක් ගනු ලැබුවහොත්, PayPal විසින් අයිතමයේ මුළු ගැනුම් මිල හා මුල් ප්‍රවාහනගත කිරීමේ පිරිවැය ගැනුම්කරු වෙත ප්‍රතිපූරණය කරනු ඇත.

විකිණුම්කරුවකු හිමිකම් පෑමකින් පාඩු ලැබුවහොත් විකිණුම්කරුට ගනුදෙනුව ආශ්‍රිත PayPal ගාස්තු මත ආපසු ගෙවීමක් නොලැබෙනු ඇත.

විකුණූ භාණ්ඩය ව්‍යාජ එකක් වීමේ හේතුව මත විකිණුම්කරුවකු විසින් සැලකිය යුතු ලෙස විස්තර කරන පරිදි නොවන හිමිකම් පෑමකින් පාඩු ලැබුවහොත්, විකිණුම්කරු ගැනුම්කරු වෙත සම්පූර්ණ මුදල ආපසු ගෙවිය යුතු අතර ඔබට අයිතමය නැවත නොලැබෙනු ඇත.

 

PayPal හෝ ඔබේ කාඩ්පත නිකුත් කරන්නා සමග මතභේදය

ඔබේ PayPal ගිණුම ඔස්සේ සිදු කරන ලද ගනුදෙනුවකට ගෙවීමේ ක්‍රමය ලෙස ඔබ විසින් ණයපතක් හෝ හරපතක් භාවිතා කරන ලද්දේ නම් හා ඔබ එම ගනුදෙනුව පිළිබඳ අතෘප්තියට පත් වී ඇති නම්, ඔබ ඔබේ කාඩ්පත නිකුත් කරන්නා සමග ගනුදෙනුව පිළිබඳ මතභේදයක් ගොනු කිරීමට සුදුසුකම් ලැබීමට ඉඩ ඇත. අදාළ වන කාඩ්පත් නැවත අය කිරීමේ අයිතිවාසිකම් PayPal ගැණුම්කරු ආරක්ෂාව වැඩසටහන යටතේ ඔබට ලද හැකි අයිතීන්වලට වඩා පුළුල් විය හැකිය. උදාහරණ ලෙස, ඔබ ඔබේ කාඩ්පත නිකුත් කරන්නා සමග ගනුදෙනුවක් සඳහා මතභේදයක් ගොනු කරන්නේ නම්, ඔබ තෘප්තියකට පත් නොවන අයිතම සැලකිය යුතු ලෙස විස්තර කර ඇති ආකාරයෙන් නැත ලෙස හිමිකම් පෑමක් ඉදිරිපත් කිරීම සඳහා සුදුසුකම් නොලැබුව ද ඔබට ඒවාට ගෙවන ලද මුදල් ආපසු අය කරවා ගැනීමට හැකිය.

PayPal සමග අපගේ ගැණුම්කරු ආරක්ෂාව වැඩසටහන යටතේ මතභේදයක් ගෙන යනවා ද, නැතහොත් ඔබේ කාඩ්පත නිකුත් කරන්නා සමග මතභේදයක් ගෙන යනවා ද යන්න ඔබ තිරණය කළ යුතුයි. ඔබට එකවර මේ දෙකම කිරීමට හෝ ද්විත්ව අය කරවා ගැනීමක් සිදු කළ නොහැකියි. ඔබ අප සමග මතභේදයක්/හිමිකම් පෑමක් ගෙන යන්නේ නම්, හා එම ගනුදෙනුව සඳහාම ඔබ ඔබේ කාඩ්පත නිකුත් කරන්නා සමග ද මතභේදයක් ගෙන යන්නේ නම් අපි ඔබ සමග ඇති මතභේදය/හිමිකම් පෑම වසා දමන්නෙමු. මෙය ඔබේ කාඩ්පත නිකුත් කරන්නා සමග ඇති මතභේද ක්‍රියාවලියට බලපෑම් නොකරනු ඇත. ඊට අමතරව, ඔබ ඔබේ කාඩ්පත නිකුත් කරන්නා සමග මතභේදයක් ගෙන යන්නේ නම්, ඔබට පසුව අප සමග මතභේදයක්/හිමිකම් පෑමක් ගෙන යා නොහැකිය.

ඔබ PayPal සමග ගනුදෙනුවක් සඳහා මතභේදයක් ඇති කර ගැනීමට තීරණය කරන්නේ නම් සහ අපි ඒ සම්බන්ධයෙන් ඔබට විරුද්ධව තීරණයක් ගන්නේ නම්, ඔබට පසුව ඔබේ කාඩ්පත නිකුත් කරන්නා සමග මතභේදය ගොනු කිරීමට අවස්ථාව තිබේ. PayPal විසින් ඔබේ මතභේදය සඳහා අවසන් තිරණයක් ගැනීම ඔබේ කාඩ්පත් නිකුත් කරන්නාගේ මතභේදයක් ගොනු කිරීම සඳහා වන අවසන් දිනය පසුවන තෙක් සිදු නොකරයි නම්, හා අපගේ පාර්ශ්වයෙන් වන ප්‍රමාද කිරීමක් හේතුවෙන් ඔබ කාඩ්පත නිකුත් කරන්නා වෙතින් අය කර ගැනීමට සුදුසුකම් ලබන මුළු මුදලට අඩු අගයක් අය කර ගැනීමට ඔබට සිදු වේ නම්, අපි ඔබට පාඩු වූ අගය (ඔබ දැනටමත් විකිණුම්කරු හෝ ඔබේ කාඩ්පත නිකුත් කරන්නා විසින් අය කරවාගෙන ඇති කවර හෝ මුදලක් කපා හැර) ප්‍රතිපූරණය කරන්නෙමු. ඔබේ කාඩ්පත් නිකුත් කරන්නා ඇමතීමට හෝ PayPal සමග මතභේදයක් ගොනු කිරීමට පෙර ඔබ විසින් විකිණුම්කරුගේ ආපසු භාර දීමේ ප්‍රතිපත්තිය අනුව ඔබේ ගැටලුව විසඳා ගැනිම සඳහා විකිණුම්කරු ඇමතීමට උත්සාහ කළ යුතුය.