>> සියලුම නෛතික ගිවිසුම් පෙන්වන්න

PayPal පිළිගත හැකි භාවිත ප්‍රතිපත්තිය

අවසන් යාවත්කාලීනය: 2022 නොවැම්බර් 2

PDF බාගන්න

 

භාවිතයේ අරමුණු කවරක් වුවත්, ඔබේ PayPal සේවා භාවිතය ආශ්‍රිත සියලු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්, අදාළ සියලු නීති පිළිපැදීමට ඔබ ස්වාධීන ලෙස වග කියන්නෙහිය. අතිරේකීව, ඔබ මෙම පිළිගත හැකි පරිශීලක ප්‍රතිපත්තියේ නියමයන් පිළිපැදිය යුත්තෙහිය. මෙම පිළිගත හැකි භාවිත ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම PayPal පරිශීලක ගිවිසුම උල්ලංඝනය කිරීමක් වේ.

 

තහනම් කළ ක්‍රියාකාරීත්වයන්

ඔබ විසින් පහත ආකාරයේ ක්‍රියාකාරකම් සඳහා PayPal සේවය භාවිතා නොකළ යුතුය:

  1. කවර හෝ නීතියක්, ව්‍යවස්ථාවක්, ප්‍රඥප්තියක් හෝ රෙගුලාසියක් උල්ලංඝනය කිරීම.
  2. (a) අන්තරායකර ඖෂධ, ස්ටෙරොයිඩ, ඇතැම් පාලිත ද්‍රව්‍ය හෝ පාරිභෝගික ආරක්ෂාවට අවදානමක් ඇති කරන වෙනත් නිෂ්පාදන (b) මත්ද්‍රව්‍ය උවාරණ (c) සිගරට් (d) අන් අයට අනීතික ක්‍රියාකාරීත්ව වලට සම්බන්ධ වීමට දිරි ගන්වන, ඒවා ප්‍රවර්ධනය කරන හෝ ඊට පහසුකම් සපයන අයිතම (e)ඩිජිටල් හා අතථ්‍ය භාණ්ඩ ඇතුළු සොරාගන්නා ලද භාණ්ඩ, (f) වෙනස් කොට සලකනු ලැබීමක් වන වෛරය, භීෂණය, වාර්ගික හෝ වෙනත් ආකාරයක නොඉවසීමක් ප්‍රවර්ධනය කිරීම හෝ අපරාධයක මූල්‍ය වශයෙන් සූරාකෑම, (g) අසභ්‍ය ලෙස සලකනු ලබන අයිතම (h) කිනම් හෝ ප්‍රකාශන අයිතියක්, වෙළෙඳ ලකුණක්, ප්‍රසිද්ධියට හෝ රහස්‍යතාවට ඇති අයිතිය හෝ නීතිය හෝ අධිකරණ බලය යටතේ අන් කවර හෝ දේපළමය අයිතියක්, (i) ඇතැම් ලිංගිකත්වය මත පදනම් වූ ද්‍රව්‍ය හෝ සේවා, (j) පතොරම්, ගිනි අවි හෝ යම් යම් ගිනි අවි කොටස් හෝ උපාංග, හෝ (k) අදාළ නීතිය යටතේ නියාමනය කරන ලද යම් යම් ආයුධ හෝ පිහි සම්බන්ධයෙන් වන ගනුදෙනු හා අදාළව.
  3. (a) අදාළ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තෙවැනි පාර්ශ්වයන්ගේ පුද්ගලික තොරතුරු දක්වන, (b) උපකාරක පිරමීඩ හෝ පොන්සි ක්‍රම, න්‍යාස වැඩසටහන්, වෙනත් "ඉක්මනින් පොහොසත් වීමේ" ක්‍රම හෝ යම් යම් බහු ස්ථර අලෙවිකරණ වැඩසටහන්, (c) වාර්ෂික දිමනා හෝ ලොතරැයි ගිවිසුම් මිල දී ගැනීම, අත්තිකාරම් ගෙවුම් ක්‍රම, අක්-වෙරල බැංකුකරණය හෝ ණයපතක් මගින් මුදල් සැපයූ ණය මූල්‍යනය කිරීමට හෝ ප්‍රතිමූල්‍යයනය ආශ්‍රිත, (d) අලෙවිකරුට අයිතමයේ පාලනය හෝ අයිතමය ලැබීමට පෙර යම් යම් අයිතම විකිණීම සඳහා වන (e) ව්‍යාපාරිකයින් වෙනුවෙන් ගෙවුම් සකස් කරනයන් විසින් ගෙවීම් ලබා ගැනීමට වන (f) සංචාරක චෙක්පත් හෝ මුදල් ඇණවුම් ආශ්‍රිත (g) විනිමය අනුපාතය හෝ චෙක්පත් මුදල් කිරීමේ ව්‍යාපාර හා සම්බන්ධ වන, (h) ඇතැම් ණය ප්‍රතිකර්ම, ණය පියවීමේ සේවා, ණය ගනුදෙනු හෝ රක්ෂණ ක්‍රියාකාරකම් හා සම්බන්ධ වන (i) අල්ලස් හෝ දූෂණ අරමුණු සඳහා ගෙවීම් පිරිනැමීම හෝ ලබාගැනීම හා සම්බන්ධ වන ගනුදෙනුවලට අදාළව.
  4. ප්‍රයෝගකාරී වීමේ ඉහළ හැකියාවක් ඇති බවට රජයේ නියෝජිතායතන මගින් හඳුනාගත් නිෂ්පාදන හෝ සේවා අලෙවිය සම්බන්ධ වන.
  5. ඉහත අනුමැතිය ලබා නොගෙන පූර්ව අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වන යම් ඕනෑම ක්‍රියාකාරකමක් ඒ සම්බන්ධ ගනුදෙනුවලට අදාළ වේ.

 

අනුමැතිය අවශ්‍ය වන ක්‍රියාකාරකම්

පහත වගුවේ විස්තර කර දක්වා ඇති පරිදි ඇතැම් සේවා සඳහා ගෙවීම් පිළිගැනීමට PayPal වෙත පූර්ව අනුමැතිය අවශ්‍ය වේ.

පහත විස්තර කර ඇති පරිදි PayPal හට ඇතැම් අයිතම සහ සේවාවන් සඳහා ගෙවීම් භාර ගැනීමට පූර්ව අනුමැතිය අවශ්‍ය වේ.

අංශය

වර්ගය

පූර්ව අනුමැතිය අවශ්‍ය අයිතමය හෝ සේවාව
(පරිපූර්ණ ලැයිස්තුවක් ලෙස සැකසිය යුතු බවට අදහස් කර සාදා නැත)

සබඳතා තොරතුරු

1

ප්‍රවාහනය

ගුවන් සමාගම් සහ උපලේඛනගත හෝ උපලේඛනගත නොකළ බලපත්‍ර/ ජෙට් යානා / ගුවන් කුලී රථ ක්‍රියාකරුවන්.

පොදු ප්‍රශ්න සඳහා කරුණාකර අපගේ උපකාර මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න.

පූර්ව අනුමැතියක් ලබා ගැනීම හෝ පූර්ව අනුමැතිය අවශ්‍ය වන සේවා සපයන නව PayPal ව්‍යාපාර ගිණුමක් ආරම්භ කිරීම පිළිබඳව ඔබට ප්‍රශ්න තිබේ නම්, කරුණාකර අපගේ අලෙවි කණ්ඩායම හා සම්බන්ධ වන්න.

2

පුණ්‍යායතන / ලාභ නූපදවන

පුණ්‍යායතනයක් හෝ ලාභ නූපදවන සංවිධානයක් ලෙස පරිත්‍යාග එකතු කිරීම.

3

ඉහළ වටිනාකම් සහිත අයිතම

ස්වර්ණාභරණ, වටිනා ලෝහ සහ ගල් වර්ග ව්‍යාපාරිකයෙකු ලෙස ක්‍රියා කිරීම.

4

ගෙවීම් පහසුකම් සපයන්නා

මූල්‍ය සේවා ව්‍යාපාරයක හෝ විද්‍යුත් මුදල් ආයතනයක නිර්වචනයට අයත් වන ගෙවීම් සේවා සැපයීම. වටිනාකම තැන්පත් කළ කාඩ්පත් විකිණීම සහ එස්කෝරු සේවා ද මෙම සේවාවන්ට ඇතුළත් වනු ඇත‍.

5

ආයෝජන

තොග මිල දී ගැනීම, විකිණීම හෝ තැරැව් නිරීම, බැඳුම්කර, සුරැකුම්පත්, විකල්ප, සංඛ්‍යා, වෙළඳ භාණ්ඩ, තොග, බැඳුම්කර, සුරැකුම්පත්, විකල්ප, සංඛ්‍යා, වෙළඳ භාණ්ඩ, වෙනස / විදේශ විනිමය සඳහා වන ගිවිසුම්, අන්‍යොන්‍ය අරමුදල් හෝ ආයෝජන පොළියක් ඕනෑම ආයතනයක් හෝ දේපලක් මිලට ගැනීම.

6

සූදු කෙළීම, සූදුව, ත්‍යාග දිනුම් ඇදීම් සහ තරග

සූදු කෙළීම අයත් වන ක්‍රියාකාරකම්, සූදුකෙළීමට සහ හැකියාවේ තරගවලට පහසුකම් සලසන අනෙකුත් ව්‍යාපාර (නෛතිකව සූදු කෙළීමක් ලෙස නිර්වචනය කරන ලද හෝ නොලද) සහ ස්වීප්ස්ටේක් ඇතුළු, දේපළ/ මූර්ත දේපළ ත්‍යාග, කැසිනෝ ක්‍රීඩා, ක්‍රීඩා ඔට්ටු ඇල්ලීම්, අශ්ව හෝ ග්‍රේහවුන්ඩ් රේස්, ෆැන්ටසි ක්‍රීඩා, ලොතරැයි ටිකට් ඇතුළු එහෙත් ඒවාට සීමා නොවන, සූදුව සහ/හෝ නොමිලේ පිවිසීමක් සහ ත්‍යාගයක් සහිත වෙනත් ඕනෑම ක්‍රියාකාරකමක්, මෙහෙයුම්කරු හා පාරිභෝගිකයන් විශේෂයෙන්ම එම ක්‍රියාකාරකම් නීතියෙන් අනුමත කොට ඇති අධිකරණ බල ප්‍රදේශයන් තුළ වෙසෙන්නේ නම්.

7

ක්‍රිප්ටොවිනිමය

ක්‍රිප්ටොවිනිමය, ක්‍රීඩාවේ අතථ්‍ය මුදල් හෝ ප්‍රත්‍යාදේශ්‍ය නොවන ටෝකන ඇතුළුව එහෙත් එයට සීමා නොවූ ඩිජිටල් ලෙස වෙළඳාම් කළ හැකි, මාරු කළ හැකි හෝ ගෙවීම් සඳහා භාවිත කළ හැකි වන ඕනෑම ඩිජිටල් නිරූපණයක්.

8

බෙහෙත් වට්ටෝරු අයිතම

නියම කිරීමක් හෝ නියම කළ ඖෂධ මිශ්‍ර කිරීමක් අවශ්‍ය වන ඕනෑම නිෂ්පාදන(යක්) විකිණීම

සේවා.

9

ටෙලිමෙඩිසින් සේවා

දුරස්ථ ආකාරයකින් වෛද්‍ය සේවා සහ උපදේශන සැපයීම.

10

පරිණත ප්‍රේක්ෂක අන්තර්ගතය

ඉල්ලුම මත වීඩියෝ (VOD) සහ වෙබ්-කැමරා ක්‍රියාකාරකම් ඇතුළුව ඩිජිටල් ලෙස ලබා දෙන ඕනෑම වැඩිහිටි අන්තර්ගතයක්. වැඩිහිටි ඩී වී ඩී, සඟරා සහ වෙනත් වැඩිහිටි තේමාත්මක නිෂ්පාදන හෝ සේවාවන් සඳහා ඇතැම් අධිකරණ බල ප්‍රදේශ තුළ ගෙවීම් සැකසීම PayPal හට සීමාවන් පනවනු ලැබිය හැකිය.

11

මාර්ගගත ආදර සම්බන්ධතා

පෞද්ගලික හෝ ආදර සම්බන්ධතාවයක් වර්ධනය කිරීමේ අරමුණින් නව පුද්ගලයින් සොයා ගැනීමට සහ ඔවුනොවුන් දෙපාර්ශවයට හඳුන්වා දීමට පුද්ගලයන්ට හැකියාව ලබා දෙන ඕනෑම ප්‍රේමාන්විත ගනුදෙනු සපයන සේවාවන්.

12

සජීවී දත්ත ප්‍රවාහය / විකාශනය

පරිශීලක අන්තර්ක්‍රියාකාරිත්වයේ ශක්‍යතාව රැඳී ඇති සප්‍රාණික පරිසරයක් තුළ මිනිසුන් වීඩියෝ, කටහඬ හෝ පෙළ සහිත අන්තර්ගත සම්ප්‍රේෂණය කරන ඕනෑම ක්‍රියාකාරකමක්.

13

ගොනු හුවමාරුව

උඩුගත කරන ලද අන්තර්ගතයට මහජනයාට ප්‍රවේශ විය හැකි හෝ සේවාව විසින් උඩුගත කරන්නන්ට අන්තර්ගතය සඳහා ගෙවන සයිබර් ලොකර් සහ ඒ හා සමාන දුරස්ථ ඩිජිටල් ගොනු හුවමාරු සේවා ඇතුළු ගොනු බෙදාගැනීමේ සේවා සැපයීම.

14

මත්පැන්

මත්පැන් විකිණීම.

15

දුම්කොළ

සිගරට් නොවන දුම්කොළ නිෂ්පාදන, ඉ-සිගරට්, සුරුට්ටු

16

වෛද්‍ය අයිතම හෝ සේවා

වෛද්‍ය උපකරණ ලෙස වර්ගීකරණය කරන ලද සියලුම අයිතම සහ සැපයුම්කරුගේ අධිකරණ බල ප්‍රදේශය හෝ සේවා සපයන අධිකරණ බල ප්‍රදේශය තුළ රාජ්‍ය බලපත්‍ර අවශ්‍ය වන සියලු සෞඛ්‍ය සේවා ඇතුළුව, ඒවාට සීමා නොවෙමින්, සෞඛ්‍ය සේවා සපයන්නෙකු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු හෝ සංවිධානයක් විසින් සපයනු ලබන සියලුම සේවාවන් හෝ ප්‍රතිකාර.

මෙම කාණ්ඩයට එම රෝගියාගේ මව් රටෙන් පිටත රෝගියෙකුට ලබා දිය යුතු වෛද්‍ය සේවාවන් ඇතුළු “වෛද්‍ය සංචාරක ව්‍යාපාරය” ඇතුළත් වේ.

17

බහු මට්ටමේ අලෙවිකරණ සහ සෘජු විකුණුම් සංවිධාන

ඍජු විකිණුම් සංවිධාන (“DSO”) සහ බහු මට්ටමේ අලෙවිකරණය (“MLM”) යනු ස්වාධීන බෙදා හරින්නන් හෝ නියෝජිතයින් ජාලයක් හරහා නිෂ්පාදන හෝ සේවාවන් විකුණනු ලබන බෙදා හැරීමේ සහ අලෙවිකරණය කිරීමේ මාදිලි ය. DSO සහ MLM මාදිලි පෞද්ගලික විකුණුම් මත රඳා පවතින අතර, ආයතනය තුළ අඛණ්ඩව ඉදිරියට යාමට හෝ දිරිගැන්වීමේ වන්දි ලබා ගැනීම සඳහා ස්වාධීන බෙදාහරින්නන්ට නව බෙදාහරින්නන් බඳවා ගැනීමට නිරන්තරයෙන් අවශ්‍ය වේ.

18

වෙළඳපොළවල්

වෙළඳපලක් යනු තෙවන පාර්ශව විකුණුම්කරුවන්ට තම නිෂ්පාදන හෝ සේවා තම පාරිභෝගිකයින්ට විකිණීමට හැකියාව සලසන ඉ-වාණිජ්‍ය විසඳුමකි.

 

තවත් තොරතුරු

පිළිගත හැකි පරිශීලන ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට, කරුණාකර අපගේ උපකාර මධ්‍යස්ථානය බලන්න.

 

පිළිගත හැකි භාවිත ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම්

මෙම පිළිගත හැකි පරිශීලන ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම් වහාම PayPal වෙත වාර්තා කිරීමට අපි ඔබව දිරි ගන්වන්නෙමු. යම් ගනුදෙනු වර්ගයක් මගින් පිළිගත හැකි පරිශීලන ප්‍රතිපත්තියක් උල්ලංඝනය කළ හැකි දැයි යන්න පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම්, හෝ පැමිණිල්ලක් ගොනු කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඔබට මෙතැනින් එසේ කළ හැකිය.